Colombo Today Local News

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

නුංගමුව පොලිස් වසමේ කුඹල්ඔලුව ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරක් මත මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අවුරුදු 47ක් වූ කුඹුල්ඔලුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මොහු විසින් පසුගිය අගෝස්තු 4 වනදා රාත්‍රී කාලයේ අක්මීමන පොලිස් වසමේ හියාරේ ප්‍රදේශයේ දී කාන්තාවක් දුෂණය කර, ගෙල සිරකර ඝාතනය කර ඇය සන්තකයේ තිබු රන් මාලයක්, කරාබු ජෝඩුවක්, ජංගම දුරකථන 2ක් සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබේ.

එම සොරා ගත් දේපළ පොලීසිය විසින් මේ වනවිට සොයාගෙන ඇත.

සැකකරු හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා අක්මීමන පොලීසිය වෙත භාරදී ඇත.

සැකකරු අද (07)දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් : පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවෙන් නිර්දේශ

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday