Colombo Today Local News

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් වී තිබේ.

පසුගිය වසරේ පැවැති අරගලයේදී අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගයත් ඔහුගේ ආරක්ෂක නිළධාරී ජයන්ත ගුණවර්ධන මහතාගේ නමින් බිසෝබණ්ඩාර පාසල් මාර්ගයත් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමි විය.

ඒ අනුව, මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගය අමරකීර්ති අතුකෝල නමින් ද බිසෝබණ්ඩාර මාර්ගය ජයන්ත ගුණවර්ධන නමින් ද නම් කර ඊට අදාල පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු දේශපාලඥයෝ පිරිසක් එක් විය.

අනතුරුව එම ස්ථානයට එක් රොක් වූ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට සිය විරෝධය ඒල්ල විය.

ඒහිදී ප්‍රදේශයේ ජනතාව පවසා සිටියේ ප්‍රදේශයේ අබලන් මාර්ග කොතෙකුත් තිබියදී සුදු ඇදගෙනවිත් දැනට ප්‍රයෝජනයට ගන්නා මාර්ග විවිධ පුද්ගලයන්ගේ නම්වලින් විවෘත කිරීම ලජ්ජාසහගත බවයි.

තවද අලි මිනිස් ගැටුම්වලින් දිනෙන්දින මිනිස් ජීවිත අහිමිවන කාලෙක ජනජීවිතයට බාදා නොවන ලෙස අලි ගැටළුවලට පවා පිළියම් ලබා නොදී මෙවන් විහිලු සහගත ක්‍රියා නොකරන ලෙසට උසුළුවිසිලු නොකර යන්නැයි ගම්වාසීහු ඇමැතිවරයා ඇතුළු පිරිසට පැවැසූහ.

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වි පැය භාගයක් පමණ පැවැති මෙම විරෝධයෙන් පසු ඇමැතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගියහ.

Related posts

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා

colombotoday

කෝප් කමිටුවට සභාපති රංජිත් බණ්ඩාර ගේ පුත්‍රයා පැමිණීම ගැන පරීක්ෂණයක්

Admin

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

colombotoday

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

colombotoday