ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පැවසන්නීය.
එහිදී ජාතික ගීයේ ඇතැම් වචන උච්චාරණය කිරීම පිළිබඳව ගැටලුවක් ඇතිවී තිබෙන බව හැගෙන බවත් ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිඳු ආකාරයෙන් අර්ථකථනය වෙනස් කිරීමට කිසිවටකත් අදහස් නොකළ බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.