Colombo Today Local News

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

මල්ලාවී පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මාන්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (30) දිනයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් නෛතිකව කටයුතු නොකිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 25,000ක මුදලක් එම නිලධාරීන් දෙදෙනා ඉල්ලා ඇති අතර ඉන් 12500ක මුදලක් පළමුව අදාළ පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන් වෙත ලබා දී ඇත.

ඉතිරි මුදල ලබාදෙන තෙක් පොලිස් නිලධාරීන් අදාළ පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන ඇති අතර එය නැවත ලබාදීමට රුපියල් 15,000ක මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

එම රුපියල් 15,000ක මුදල ලබා ගන්නා අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයා සහ පොලිස් සැරයන්වරයා මල්ලාවී පොලිස් ස්ථානය අසල දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩගුවට ගත් සැකකරුවන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

colombotoday

මේකද යහපාලනේ.. මට බලය තියනවනම් ඇමතිලා 6ක් අදම ගෙදර යවනවා – සරත් විජේසූරිය

colombotoday

කාලෙකින් නොඑන බුධ සංක්‍රාන්තියක් දැක බලා ගැනීමේ අවස්ථාව ලාංකිකයන්ට

colombotoday