Colombo Today Local News

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට යන දෙදින වසා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ බලු මැක්කන් හේතුවෙන් සිසුන්ට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගනිමින්.

බලු මැක්කන් සහ ඇසට නොපෙනන තරම් කුඩා වැලි මැක්කන් විදුහල් භූමිය පුරාම සිටින බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ සැරිසරන බල්ලන් විදුහල් භූමියේ ගැවසීම මීට හේතුවයි.

මේ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති අතර, බෙහෙත් වර්ග කිහිපයක් යොදා මේ වනවිට මැක්කන් මර්දනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය උපදෙස් මත දැනට බෙහෙත් යෙදීම සිදුකරන අතර, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අනුව, පාසල දින දෙකක් වසා තැබීමට තීරණය කළ බවයි පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ.

Related posts

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday

චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රීලනිප 18ක් එජාපයට…

colombotoday

NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

colombotoday

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

Admin