නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්රදේශයේ පාසල් සිසුවෙකි.
මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලාඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් පසුව කලාඔයේ දියනෑමට ගොස් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.