World

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

තායිලන්තයේ මීළඟ නායකයා කවුරුන්ද යන්න තීරණය කෙරෙන ඡන්ද විමසීමට පැය කිහිපයකට පෙර හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා තායිලන්තයට යළිත් පැමිණ තිබේ.

ඔහු වසර 15ක කාලයක් පිටුවහල් කිරීමෙන් පසු තායිලන්තයට යළි පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

තායිලන්තයේ වඩාත්ම සාර්ථක තේරී පත් වූ නායකයා ලෙස හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාව හැඳින්වෙයි.

හිටපු අගමැතිවරයා ඩුබායි සිට සිංගප්පූරුව හරහා පුද්ගලික ජෙට් යානයකින් පැමිණ බැංකොක් අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් තක්ෂින් ෂිනවත්‍රාව පිළිගැනීමට පැමිණ තිබූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ආචාර කිරීමට තක්ෂින්ට එහිදී නොහැකිවී තිබේ.

දියණියන් දෙදෙනා සහ පුතු සමග කෙටි වේලාවක් සිටි ඔහු ගුවන් තොටුපල පර්යන්තයෙන් පිටතට පැමිණ රජුගේ සහ රැජිනගේ ප්‍රතිමූර්තියකට ගෞරව දක්වනු ලැබීය.

පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන ලද අතර එහිදී ඔහුට වසර අටක සිර දඬුවමක් නියම කර තිබේ.

ඉන්පසුව බැංකොක් රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කර ඇතැත් ඔහු දිගු කලක් අත්අඩංගුවේ සිටිනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකරන බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

ලාස් වේගාස් ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී.. ප්‍රහාරකයා මෑතදී ඉස්ලාම් ආගම වැළගත් අයෙක්

colombotoday

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

colombotoday

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin