Colombo Today Local News

ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක් වෙයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බව ද එම නිවේදනයේ සඳහන්ය.

එහෙත් ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම් / පියවීම් කිරීම සඳහා ඉන්දීය රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බව ද මහ බැංකුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

සම්පුර්ණ නිවේදනය පහතින්,

Related posts

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක්

Admin

‘රැට්ටා’ සහ තවත් සැකකරුවෙකුට විදෙස්ගතවීම තහනම්

colombotoday

ඉන්ධන මිල ඉහළනැංවීමට යෝජනාවක්

colombotoday

හිටපු අගමැති මහින්දගෙන් නව අගමැති රනිල්ට සුබ පැතුම්

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin