Colombo Today Local News

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තරංගගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

එගොඩඋයන පොලිස් වසමේ කොරලවැල්ල සුසාන භුමිය ආසන්න ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

ජංගම දුරකථනයක්, යතුරුපැදියක් සහ මුදලින් රුපියල් 115,000ක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මෙරට මත්ද්‍රවය ජාලය හසුරුවන තරංග නමැත්තාගේ ගෝලයකු බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

Related posts

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

“රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එපා… වැඩිය දැගලුවොත් ඇමති පට්ටමත් නෑ” – සනත් නිශාන්තට අනතුරු ඇගවීමක් !

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය ඉදිකරන සමාගම කොලේ වහලා ගහන ගැහිල්ල

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති

colombotoday

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday