වැල්ලවත්ත පෙඩ්රිකා පාර ප්රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (10)දින එම සිද්ධිය සිදුව තිබූ අතර මහල් 08ක ගොඩනැගිල්ලකින් එම පුද්ගලයා ඇදවැටී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
24 හැවිරිදි වැල්ලවත්ත ප්රදේශයේම පදිංචිකරුවෙක් එලෙස ඇදවැටී තිබූ අතර ඔහුව ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු ප්රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකය.