Colombo Today Local News

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

ශ්‍රී ලංකාවට ඩුබායි සිට බහාලුමක බහා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ රුපියල් මිලියන 748ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කොළඹ දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි ” නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ මධ්‍යස්ථානයේ ” ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

2022 ජුනි මස මෙම බහාලුම අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 947,000 ක් තිබී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම දුම්වැටි තොගය කොළඹ වරාය රේගුවෙන් නිදහස් වූයේ නම් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 695 ක තීරු බදු ආදායමක් අහිමි වීමට අවස්ථාව තිබුණි.

Related posts

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

colombotoday

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

බදු නැතුව පෙට්‍රල් 150ට දෙන්න පුළුවන්?

Admin