Colombo Today Local News

අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ බිත්තර වල ප්‍රමිතිය ගැන සහතිකයක් දෙන්නේ කොහොමද?

අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ රටින් ගෙන එන බිත්තර වල ප්‍රමිතිය ගැන ආණ්ඩුව සහතිකයක් දෙන්නේ කොහොමදැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය.

ආනයනය කරන බිත්තර වල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් තිබෙන බව කී විතානගේ මහතා බිත්තරයේ ගහලා එන කල් ඉකුත්වීමේ ලේබලය මකා වෙන අංකයක් ගහන එක මහ දෙයක් නොවෙි යැයි පැවසීය.

ආනයනය කරන බිත්තර වෙලාවට විකුණාගන්න බැරි උනොත් වෙළඳපොලේ කොතරම් කාලයක් තිබෙනවා ද දන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මේ සෞඛ්‍ය ගැටළුව ගැන කොහෙවත් කතා වෙන්නේ නැතැයි කීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,වෙළෙඳ අමාත්‍යාංශය සහ ආහාර සුරක්ෂිතතා කමිටුවේ ඉල්ලීම පරිදි මේ බිත්තර ආනයනය කරන්න අවසර දී තිබෙන බවද ලබන වසරේ මැද භාගය වන විට බිත්තර ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම රජයේ ඉලක්කය බවත් ය.

Related posts

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday

ගිරය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමීද නොවේ. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් සටහනක්.

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීමට අනු කමිටු 05ක්

colombotoday