Colombo Today Local News

මුහුණු ආවරණ නොපැලදී 238 ක් අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපළඳමින් දුරස්ථභාවය රඳවා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලීසිය ඊයේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 5486 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 5400කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා සඳහන් කළේ ය.

මුව ආවරණ පැළඳ සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැළඳ නොසිටිය හොත් නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි.

නිරෝධායන නීති කඩන පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

පුත්තලමේ හරක් ජනතාවට බරක්

colombotoday

පරණ හිතවත්කම් අළුත් කරමින් ගෝඨාභය දුමින්දගේ නිවසට !

colombotoday

කසළ ප්‍රතිඅපනය කිරීම, සරුංගල්, සුවද දුම්, වෙසක් පහන් ආනයනය කිරීම තහනම් කෙරේ

colombotoday

ලංකාව අනාගමික කරන්න, ත්‍රස්ත පනත අහෝසිකර කොටි සැකකරුවන් නිදහස් කරන්න නිර්දේශ කෙරේ…

colombotoday

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

colombotoday