අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් දාහතර දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම පාරිභෝගිකයන් පනස් දහසකට පමණ විදුලිය විසන්ධි වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
විදුලි බල මණ්ඩලය මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍යවරයා නුවරඑළිය, මහනුවර වැනි ප්‍රදේශ වල සහ ජලාශ ආශ්‍රිතව මෙන්ම වර්ෂාපතනය අධිකව පවතින ප්‍රදේශ වල මේ තත්වය වාර්තා වෙන බවද එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.