Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා – මුහුදුබඩ මාර්ගයෙත් දුම්රිය ප්‍රමාදයක්

වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කරන්නේ, දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇති බවය.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේ.

මඟීන්ගේ පහසුව සඳහා බස් රථ යොදවා ඇති බව එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කරයි.

මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී තිබේ.

Related posts

ළමා නිවාසයක දැරියක් ගෙල වැලලා ගනී

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මියයයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

colombotoday

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

colombotoday