Colombo Today Local News

Air China ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි

චීන ජාතික ගුවන් සේවය වන ” එයා චයිනා ” (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු, යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ(3)රාත්‍රීයේ
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණි.

මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු ( Chendu ) නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම චීන ජාතික ගුවන් සේවයේ සී.සී.ඒ.- 425 (C.C.A.- 425) දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ගොඩබැස්සවීය.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙක් ද පැමිණ ඇත.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙක් ද පැමිණ ඇත.

Related posts

මලික්ටත් ගුටි…

colombotoday

හක්මන මීඇල්ලේ මුස්ලිම් දෙපිරිසක් ගැටුමක්. 5ක් රෝහලට. නිති විරෝධි ගව ඝාතනයය පිලිබඳ ආරවුලක්.

colombotoday

පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක්

colombotoday

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

colombotoday