Colombo Today Local News

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල විදුලිය හා නඩත්තු කටයුතු සඳහා ගෙවිය යුතු මුදල් කඩිනමින් විදුලි බල මණ්ඩලයට ගෙවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරන්නේ, ජාතික රෝහලේ විදුලි නඩත්තු කටයුතු සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 12කට අධික මුදලක් ගෙවීමට පියවර ගත් බවයි.

අනෙකුත් හිඟ මුදල් කඩිනමින් ගෙවීමට මහා භාණ්ඩාගාරය සමග එකඟතාවයකට පැමිණි බවද ඔහු පවසයි.

මේ අතර, දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන තුන්දහසකට ආසන්න මුදලක් අය වීමට ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම ගෙවා දමන්නැයි දැනුම් දුන් බව එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

Related posts

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

සිංහල මව්වරුන් වද කරන තරමට සාෆිගේ ගිණුමට සල්ලි ඇවිත් !!

colombotoday

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

වියදම වැඩියි.. හමුදාවේ පිරිස් බලය අඩු කරන්න… ඇමරිකානු කොංග‍්‍රස් කමිටුව ජනපතිට කියයි

colombotoday

නව රේගු අධ්‍යක්ෂ ෂෙමාල් ප්‍රනාන්දු රණවිරුවන්ට එරෙහිව ඩයස්පෝරා කුමන්ත්‍රණ ඉටුකළ අයෙක්

colombotoday

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday