Colombo Today Local News

කුඩු සළිඳුගෙන් CID නිලධාරියෙක් කෝටි 13ක අල්ලසක් ඉල්ලලා? – පරීක්ෂණයක් කරන්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරියකු එහි රදවා සිටින සළිඳු මල්ෂික නොහොත්, කුඩු සළිඳු නැමැත්තාගෙන් රුපියල් කෝටි 13ක අල්ලසක් ඉල්ලා ඇතැයි, කියන සිද්ධියක් පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා සිටින අදාල සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(26)දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී ඒ පිළිබඳව අනාවරණ වී ඇත.

එහිදි, සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු, මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇත්තේ, අදාල නිලධාරීයා තමාගෙන් අල්ලසක් ඉල්ලු බවත්, තමා ඒ පිළිබදව පසුගිය මැයි 31 වැනිදා එම ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද දැනුම් දුන් බවයි.

ඒ පිළිබඳව සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඒ ගැන වහා පරික්ෂණයක් කර තමා වෙත වාර්තාවක් ලබාදෙන්නැයි, පොලිස්පතිවරායට නියෝග කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂක නොහොත් කුඩු සළිඳු නැමැත්තන් මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 15 වෙනිදා මෙරටට රැගෙන ආවේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සදහා මේ වන විට රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා ඇත.

Related posts

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

ජාත්‍යන්තරයට, අපට දුන් පොරොන්දු වහා ඉටු කරනු.. නැතිනම් වැඩ වරදී – සම්බන්ධන් රජයට අනතුරු අගවයි

colombotoday

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍යය ඇමතිවරු මෙන්න….

colombotoday