Colombo Today Local News

කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 7ක් නාකොටික් දැලේ

රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් 6 දෙනෙකුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.

එහිදී ප්‍රථමයෙන් මත්ද්‍රව්‍ය කොටසක් සමග සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකරුවන් පිටකොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමයෙන් ඊයේ(26) පස්වරුවේ හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ ගෙනැවිත් තිබූ ගුවන් භාණ්ඩ තොගයක් විවෘත කිරීමේදී එහි තිබී කෘත්‍රීම ගංජා තොගයක් නාකොටික් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එහිදී අදාළ ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පැමිණ සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අම්පිටමින් නමැති මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 6දෙනා අධිකරණ වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙති

Admin

අම්මා ළිදට විසිකර කර දැමූ තුන් හැවිරිදි දියණිය පාසල් සිසුන් බේරාගනියි

colombotoday

ඇල්පිටිය ප්‍රා.සභා අය වැය වැඩි ඡන්ද 09කින් පරදියි

Admin

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday