කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ (25) දහවල් එලෙස පිරිමි මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.
මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොැමැත.
අවසන් වරට ඇඳ සිට ඇත්තේ කහ පැහැති කමිසයක් සහ නිල් පැහැති කොට කලිසමකි.
කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.