Colombo Today Local News

ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට සජබත් එයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26)දින පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයට ආරාධනා කළත් සමුළුව සම්බන්ධයෙන් කිසිදු න්‍යාය පත්‍රයක් යොමු කර නොමැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා කළ ආරාධනාවට ගරු කිරීමක් ලෙස සර්වපාක්ෂික සමුළුවට සහභාගි වී එහි යෝජනා පිළිබඳ විමසා බලා සමගි ජන බලවේගයේ ප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ තමන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වන බවත් කිරිඇල්ල මහතා තවදුරටත් කීවේය.

Related posts

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙ‍ෙදනෙකුට තුවාල

Admin

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

ඇමති කුඩ්ඩන් 24කගේ නම් ලයිස්තුවක් CIDයට…

colombotoday

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Admin

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය ගැන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday