Colombo Today Local News

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25)දින පැවසීය.

එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට අදාල නළු නිළියන් සහභාගි වූ අතර එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණෙන බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25)දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාල නළු නිළියන් සමඟ තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

colombotoday

සිවාජිගේ විරෝධයෙන් යාපනේ “සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස” ප්‍රතිමා ඉවතට

colombotoday

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

විභාග ශාලාවේදී සිසුවිය අපයෝජනය කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් අරඔයි

colombotoday

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday

ක්ලබ් වසන්තගේ නිසල දේහය මල් ශාලාවට

Admin