පෙර දැනුම්දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
ඒ අනුව, රාජ්‍ය දේපළවලට සිදු වූ හානිය සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ වත්කම් සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශන සිදු කෙරෙනු ඇති.
ලැබෙන වාර්තාව ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.