Colombo Today Local News

ඖෂධ මිල පාලන ගැසට් පත්‍රය සිකුරාදා

ඖෂධ මිල පාලනය සම්බන්ධ ගැසට් පත්‍රය එළඹෙන සිකුරාදා (21දා) නිකුත් වන බවත්, ඒ අනුව එදින මධ්‍යම රාත්‍රි‘යේ සිට එය ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මිල පාලනය විධිමත්ව සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට, ඖෂධ අධිකාරියට හා අමාත්‍යාංශය යටතේ පවතින විමර්ශන ඒකකයට අදාළ බලතල ගැසට් පත්‍රය මගින් ලබාදෙන බවයි.

ඖෂධ මිල පාලනය සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18දා) පැවැති අතර, එහිදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

හෙතෙම සඳහන් කර සිටියේ වෙළෙඳ පොළ තුළ ඖෂධ හිඟයක් මවාපෑමට කිසිදු ආකාරයක ඉඩ ප්‍රස්තාවක් ලබානොදෙන බවයි.

Related posts

පෙට්‍රල් ලීටරය රු 200ට නගී.. තෙල් පෝලිමේ ආ ජනතාවට පොලිසිය ගුටි බෙදයි (Video)

colombotoday

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

පොඩි ලැසීට නීතීඥවරුන් පෞද්ගලිකව හමුවීමට ඉඩ සලසා දෙන්නැයි නියෝග

colombotoday

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

colombotoday

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin