Colombo Today Local News

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම විශේෂත්වයකි.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී දින දෙකක් පැවැත්විණ.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බැලීම ඊයේ(19) සිදුකෙරුණු අතර පනත තුන් වැනි වර කියවා සම්මත කෙරුණේ ඉන් අනතුරුවය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයාට දැනුම් දුන්නේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කෙරිණි.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ.

එසේම දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් නව පනතින් සුරක්ෂිත කෙරෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Related posts

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

සාදයේදී පුද්ගලයෙකුට පහර දෙයි.. ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ්…!

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday

විදුලිබල සේවකයන් 5000කට අධික පිරිසක් විරෝධයේ… – කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්

Admin