ඇල්ල – වැල්ලවාය ප්‍රදේශයේ, රක්කිතාකන්ද – වැල්ලවාය අතුරු මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් එහි රියදුරු මියගොස් තිබේ.
එසේම බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් 06දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක් ගමන් ගත් බස් රථයකි.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව පැවසේ.