Colombo Today Local News

ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ජල මුද්‍රිත ආවරණයක්

අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීම සඳහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබේ.

එහි පෞරාණික පෙනුමට බාධාවක් නොවන පරිදි හතරැස් කොටුවට ඉහළින් එම ආවරණය යොදන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

දාගැබේ ගඩොල් අතර කුස්තුරවලින් එහි අභ්‍යන්තරයට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ස්ථීර පිළියමක් ලෙස විශේෂයින් ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, දාගැබේ ගර්භයේ පසුගිය කාලයේ ඇතිවූ පැලුම් මේ වනවිට පිළිසකර කරමින් ඇති බවයි.

එය කඩිනමින් අවසන් කිරීමට හැකි වෙතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්වාසය පළ කරයි.

අනුරාධපුර රජකම් කළ මහසෙන් රජතුමා ඉදිකළ ජේතවනාරාම දාගැබ හැඳින්වෙන්නේ ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙසයි.

Related posts

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday

සීනිගම පොල් ගහද්දි දිනේෂ ගුණවර්ධන මහතාගේ පොකට්ටුවට විදලා

colombotoday

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

ඥානසාර හිමි ගංවතුරට යටවේ

colombotoday