Colombo Today Local News

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්

ඉන්දියාවේ නාගපට්ටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන්දියානු තෙල් සංස්ථාව(IOC) විසින් කරන ලද යෝජනාවකට අනුව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සංස්ථාව ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව පැවසේ.

Related posts

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

වාහන ආනයනය ට අගෝස්තු මාසයේ දී අවසර

Admin

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

colombotoday

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin