Colombo Today Local News

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තුවේදී අධිකරණයට තර්ජනය කළේ යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය කරන චෝදනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා එම සංගමයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී හැසිරිය යුතු ආකාරය තමා හොඳින් දන්නා බවද ඔහු මෙම ලිපියෙන් ප්‍රකාශ කර ඇත.

බෞද්ධ උරුමයන් මැරයන් විසින් විනාශ කරනු ලැබ ඇති අන්දම උතුරට ගොස් දැක බලා ගන්නා ලෙස නීතිඥ සංගමයට දැනුම් දෙන බව පවසන වීරසේකර මහතා බෞද්ධ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතා බලන ලෙස නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කරයි.

“අපි සැවොම අධිකරණයට ගරු කරන්නෙමු” යැයිද වීරසේකර මහතා එම ලිපියෙන් කියා සිටී.

දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට නීතිඥ සංගමය එදා විරෝධය නොදැක්වූයේ ඔහුට ඇති බිය නිසා දැයි ප්‍රශ්න කරන බවත් ශ්‍රී ලංකාවේ අධිකරණ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අපහාසාත්මක සහ පිළිකුල් සහගත වාර්තා ස්වෙච්ඡාවෙන් ජිනීවා ගොස් හෙළා දැක්කේ තමා බවත් සරත් වීරසේකර මහතා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

සහනාධාරය නැවතත් ක්‍රියාත්මකයි… අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිටිය රුපියල් 500ට

colombotoday

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday