Colombo Today Local News

ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි කළ හැකියි – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති කියයි

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි.

දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි ඔහු සඳහන් කරයි.

ත්‍රිපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වග කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

මේ වසරේ මේ වන විට ත්‍රිපෝෂ පැකට ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදාහැර ඇති අතර ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක අහාර සංවිධානය විසින් ලබා දෙමින් පවති.

වසර 50ක් තිස්සේ ශ්‍රිලංකාවේ මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, දරුවන්ට ලබාදෙන බොහොම පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රිපෝෂ සහ සුපෝෂ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

colombotoday

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

විරෝධතාකරුවෝ කාල්ටන් නිවස වටලති. දැඩි ආරක්ෂක රැකවල්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

ජනපති ගෝඨාභය වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි ට්වීටරයේ සිංහලෙන් තැබූ සටහන!

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday