Colombo Today Local News

කැනඩාවට ගිය ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සිසුවා බීමත් රියදුරෙකුට බිලිවෙයි

මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකර ගෙන ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ, මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් පසුගිය ජූනි 22 වනදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි එම්.එච්. විනෝජ් යසංග ජයසුන්දර නැමති තරුණයකි.

අධ්‍යයන කටයුත්තක් සඳහා කැනඩාවට ගොස් සිටිය දී වෑන්කුවර් නගරයේ දී බීමත් රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් එම තරුණයාට දිවි අහිමි වී ඇත.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකරගත් විනෝජ් තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය ද එංගලන්තයේ දී නීතිවේදී උපාධිය ද හිමිකර ගෙන තිබේ.

විනෝජ් අනතුරට මුහුණ පා ඇත්තේ අමෙරිකාවේ මේරිලෑන්ඩ් සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය.

ඔහු මියයන විට කැලිෆෝනියාවේ ඇපල් සමාගමේ ද සේවය කරමින් සිට ඇත.

ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් භාරදීම සඳහා කැනඩාවේ වෑන්කුවර් නගරයට ගොස් යළි නවාතැන් පොළට එන අතරතුර විදුලි සංඥා පුවරුවක් අසල මෝටර් රථය නවතා තිබිය දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් විනෝජ්ගේ මෝටර් රථය පිටුපසින් හප්පා ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් විනෝජ් මියගොස් දින 19කට පසුව දේහය මත්තේගොඩ, නඳුන් උයනේ පිහිටි නිවසට ඊයේ (11) ගෙනවිත් ඇති අතර, ගාල්ල, බටපොළ මානන්ගොඩ පවුලේ සුසාන භූමියේ දී අවසන්කටයුතු සිදුකිරීමට නියමිතය.

Related posts

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

උසාවියේදී කොටියාට බැන්නාලු.. ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

colombotoday

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා – බොරැල්ල බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

Admin

බොරැල්ලේත් වෙඩිතැබීමක්

Admin

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

colombotoday