ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.
ත්‍රීරෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
එය බලාත්මක වන්නේ පසුගිය 10 වැනිදා සිටයි.
ඊට අදාළ නිවේදනය පහතින්.