Colombo Today Local News

අන්තරේ විරෝධයේදී පහර කැ පොලිසියේ තුනක් රෝහලේ…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශය රාජකාරි කරන කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයිවාර්තා වේ.

නාරාහේන්පිට පොලිස් රෝහලේ කොස්තාපල්වරුන් දෙදෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මින් එක් කොස්තාපල්වරයකු ගේ දතක් කැඩි ගොස් ඇතැයි පොලීසිය කියයි.

නාරහෙන්පිට පොලිසියේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ එක් කොස්තාපල්වරයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය කියයි.

Related posts

ගඩොල්බැද්දේ අතුරුමාර්ගයක සැක සහිත මළ සිරුරක්

colombotoday

දෙකෝටියක් අල්ලස් ගනිද්දී අතේ මාට්ටු වූ ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා දැව සංස්ථා සභාපතිට ඇප..

colombotoday

හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකසා රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

Admin

නිරෝධායන මධ්‍යස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් කතක් අත්අඩංගුවට

colombotoday

ජාතික ජල මණ්ඩලයේ සයිබර් ආක්‍රමණය – ‘බිට්කොයින් කප්පමකට’ අරගනින හැකර්වරුන්ගේ සන්සුන් විනාශය!

Admin

කාදිනල්ගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් පරස්පර ප්‍රකාශයක් | පහර දුන්නේ ආගමික අන්තවාදය නොවෙයි ලු.

colombotoday