Colombo Today Local News

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

පල්ලෙකැලේ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින පියාටත් ස්වාමියාටත් හෙරොයින් රැගෙන ගිය බව කියන 28හැවිරිදි කාන්තාවක් බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය ඊයේ (7) දහවල් සිය ස්වාමියාට සහ පියාට ආහාර රැගෙන පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත ගොස් තිබේ. ඇයගේ හැසිරීමේ ස්වභාවය සැකකටයුතු වූ බැවින් බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයව පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේ ඇය සතුව හෙරොයින් මිලිග්‍රෑම් 1370 ක් තිබී සොයාගෙන ඇත. ඉන්පසු ඇය පල්ලෙකැලේ පොලිසිය වෙත භාර දී තිබේ.

මහනුවර මහයියාවේ පදිංචි ප්‍රියදර්ශනී වාමදේවන් නැමැති මෙම කාන්තාව පල්ලෙකැලේ පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම මත රුපියල් 5000ක දඩ මුදලක් සහ හය මසක අත්හිටවූ සිර දඬුවම් ද නියම කර ඇත.

වාමදේවන් නැමැති පියා සහ ඇයගේ ස්වාමියා කලක සිට හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර එහිදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

colombotoday

පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !

colombotoday

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය : රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday