Colombo Today Local News

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (07)දින නියෝග කර තිබේ.

මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවට කරුණු අනාවරණය වන බැවින් සහ විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

“මෝඩාභිමානය” නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට මෙම දෙවැනි සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Related posts

සිංහල බෞද්ධ බලවේග බේදභින්න කරන ගොබෙල්ස් න්‍යායාචාරීන් ගැන හෙළිදරව්වක් (Video)

colombotoday

හෙට සිට ඇඳිරිනීතිය දහවල් කාලයේදී ඉවත් කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday