Colombo Today Local News

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂ‍යේ හර්ෂට

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (7)දින පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ කමිටුවට යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට කාරක සභාවට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ.

මෙතෙක් එම කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත් තාවකාලික සභාපතිවරුන් විසිනි.

එම සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔහුට එය හිමිවූයේ නැත.

හර්ෂ ද සිල්වා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හෙබවීය.

පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම කාරක සභාවක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සැලකේ. මූල්‍ය පාලන බලතල අධීක්ෂණය කිරීමේ කටයුතු එම කාරක සභාවට පැවැරී ඇත.

Related posts

දමිතා අබේරත්න සහ සැමියාට විදෙස් ගමන් තහනමක්

Admin

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා. සභා සභාපති අත්අඩංගුවට

colombotoday

පානදුර රෝහල් මෘත ශරීර ගොඩ ගැසේ. – නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක්.

colombotoday

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

colombotoday

එජාප ඇමතිවරු දෙන්නෙක් පුද්ගලික ව්‍යාපාර ගොඩදාගන්න රේගුවේ නීති වෙනස් කරලා !

colombotoday