Colombo Today Local News

GSP+ සහනය දෙනවනම් ලොකු දෙයක්.. ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

mithrepala-gsp

ශ්‍රී ලංකාවේ ආර්ථීකය ශක්තිමත් කිරීමට ඇඟළුම් අපනයන වලින් විශාල දායකත්වයක් ලැබෙන බැවින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට GSP + සහනය ලබාදීමට කටයුතු කරන්නේ නම් එය ඇඟළුම් ක්ෂේත්‍රයේ වර්ධනයට ප්‍රබල පිටිවහලක් වනු ඇතැයි ශ්‍රී ලන්ක්ක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යුරෝපා සංගමයේ නව තානාපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා වූ නව තානාපති ටුන් ලයි මාර්ග් සිකුරාදා (14) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන් අවස්ථාවේ දීයි.

නව රජය යටතේ ඉතාමත් කෙටි කලත් ඇතුළත ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් ලබා ඇති බවත්, ඒ පිළිබදව තමා සතුටට පත්වන බවත් යුරෝපා සංගමයේ නව තානාපතිවරයා ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!

colombotoday

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday

ඥානසාර හිමිගේ තීන්දුව සවස 2ට හෝමාගම මහාධිකරණයේදී

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

නිහාල් අබේසිංහගේ මෝටර් රථය දියවන්නා පොකුණේ

Admin

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday