Colombo Today Local News

ගම්පොළ භූකම්පනයක්

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබේ.

රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කරයි.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබේ.

මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පවසයි.

Related posts

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

colombotoday

ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙන් ඉවත් වන්න. දෙබිඩි වැඩ කරන්න එපා. – උලමට බොදු බලෙන් රෙදි ගැලවෙන පිළිතුරක්.

colombotoday

‘‘බෝන් එගේන්’’ (“Born again”) මූලධර්මවාදී ආගමට යටවුනු ශ්‍රී ලංකා ක්‍රිකට්

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin