Colombo Today Local News

කොටි සමරන්න ආ අයට ඇදුම් සහ ආහාර දෙමළ ජාතික සන්ධානයෙන්

කිලිනොච්චියේදී පෙරේදා (27දා) සවස පැවැති එල්.ටී.ටී.ඊ මහවිරු උළලවල් දෙකකට සහභාගි වූ එල්.ටී.ටී.ඊ පවුල්වලට වේට්ටි හා සාරි බෙදා දීම දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී සිදුකෙරිණි.

එල්.ටී.ටී.ඊ මහවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ට වේටිටි දහසක් හා සාරි එක් දහස් තුන්සීයක් මෙහිදී බෙදා දී තිබේ.
කිලිනොච්චියේ කනකපුරම් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සමරු උළෙල කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කිලිනොච්චියේ මුලංගාවිල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ මහවිරු උළෙල පැවැතියේ වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශිවමොහාන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි. කිලිනොච්චිය ඉරණමඩු පළාතේ සන්නද්ධ අංශය භාරව සිටි එල්ටීටීඊ නායකයකු වන පැට්ටි්‍රක් සෙල්වම් හෙවත් ‘ඥානම්’ නමැත්තා සහභාගිවීමට නියමිතව තිබිණි.

යාපනයේ කෝපායි ප්‍රදේශයේ සංවිධානය වෙමින් තිබූ මහවිරු උළෙල පැවැත්වෙන ස්ථානයට 26දා සවස ආරක්ෂක අංශවල සන්නද්ධ රථයක් පැමිණීමත් සමඟම ඥානම් නමැත්තා බියට පත්ව සිටින බව කිලිනොච්චියේ සිටින බුද්ධි අංශ නිලධාරීහු පවසති.
‘ඥානම්’ නමැති මේ කොටි නායකයා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වී නොමැති අතර ඔහු මේ උළෙලට සහභාගි වුවහොත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ පියවර රැසක් ගෙන තිබිණි.

කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ සමරු උළෙලවල් දෙකට සහභාගි වීමට පැමිණෙන පිරිසට කිලිනොච්චියේ ස්ථාන හතරකදී දිවා ආහාරය ලබාදීමටද සංවිධායකයන් කටයුතු යොදා තිබිණි. එල්.ටී.ටී.ඊ මහවිරු උළෙලවල් පැවැත්වෙන ස්ථාන දෙකේම සැරැසිලි කටයුතු හා තොරණ ඉදි කර තිබෙනු දක්නට ලැබිණි.

මේ අතර යාපනයේ කෝපායි නගරයේදී දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් එල්.ටී.ටී.ඊ මහවිරු සමුළුවක් පැවැත්විණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බව රජය තවදුරටත් ප්‍රකාශ කිරීමේ කිසිදු තේරුමක් නැත්තේ මහින්ද රාජපක්‍ෂ රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය මුළුමනින්ම පරාජය කළ බවට මුළු ලෝකයටම නිවේදනයක් නිකුත් කළේ 2009 වර්ෂයේ නිසා බවත් ශිවාජිලිංගම් මහතා පැවැසීය.

 

Related posts

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

Admin

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

යුද විජයග්‍රහණය සමරන්න ආණ්ඩුව මේ තරම් බය ඇයි ?

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයකට සැරසෙයි…

colombotoday

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday