Colombo Today Local News

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි ?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බවයි.

පසුගිය දිනවලදී  රට පුරා ස්ථාන කිහිපයක මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරයන් ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් සෘජුවම බොදු බල සේනා සංවිධානයේ ගිණුමට බැර කරමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි අතර, එය අභියෝගයට ලක් කරමින් එම සංවිධානය විසින්  ප්‍රකාශයක්ද නිකුත් කර තිබුණා.

පහත දැක්වෙන්නේ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපහාස කරමින් ෆේස්බුක් පේජයක පලකළ වීඩියෝවක් ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කර ඇති ආකාරයයි.

 

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

colombotoday

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin