Colombo Today Local News

රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාද් බදුර්දීන් උප ජනාධිපති තනතුරු ඉල්ලයි !

ජනාධිපතිට අමතරව ශ්‍රී ලංකාව තුළ සිටින අනිකුත් ජන සමූහය වෙතින් උප ජනාධිපතිවරුන් තිදෙනකුද පත් කළ යුතු යෑයි යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අතුරු කමිටුව වෙත නිර්දේශ යෝජනා කරන සුළුපක්‍ෂ හතරක ප්‍රධානීන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, ද්‍රවිඩ ප්‍රගතිශීලී සංධානයේ මනෝ ගනේෂන්, ඕල්සිලෝන් මක්‌කල් කොන්ග්‍රසයේ රිෂාද් බදුර්දින් සහ ඊ. පී. ඩී. පී නායක ඩග්ලස්‌ දේවානන්ද යන දේශපාලන නායකයන් මෙම ඉල්ලීම කර තිබේ.

එහෙත් ඇමරිකාවේ හෝ ඉන්දියාවේ පවා උප ජනාධිපතිවරු තිදෙනෙක්‌ නැත. මේ හැර ජනාධිපතිවරයාට ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පමණක්‌ පැවරිය යුතු බවටද ඔව්හු නිර්දේශ කර ඇත.

මෙයට අමතරව මෙතෙක්‌ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව මින්මතුවට එක්‌සත් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම්කරන ලෙසද එම දේශපාලන නායකයන් ඉල්ලා තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ සිටින ඉන්දීය ද්‍රවිඩයන්ටද ව්‍යවස්‌ථාමය හිමිකම් ලබාදිය යුතු බවටද යෝජනා කර ඇති මෙම පිරිස ඉඩම් හා පොලිස්‌ බලතල ද පළාත්වලට දිය යුතු බව කියා සිටී.

මෙම සුළු පක්‍ෂ නායකයන් පිරිස වැඩිදුරටත් දන්වා ඇත්තේ මින්මතු ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරුන් පත් කිරීම නොකළ යුතු බවයි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin