Colombo Today Local News

කැබිනට් රැස්වීමේදී අමුතු දෙයක් වෙයි… අසුන්ගෙන සිටියදීම ජනපතිගේ අසුන දෙදරයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අගහරුවාදා පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කැබිනට් රැස්වීම පැවැත්වෙන අතරතුර, ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි අසුන එක්වරම දෙදරීමට පටන්ගෙන ඇති බවට වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂා කිරීමට එහි නිලධාරීන් පියවර ගෙන ඇති අතර, මෙම හදිසි ගැස්මට හේතුව වී ඇත්තේ පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට මුහුදු තීරයේ ඉදිකෙරෙන පෝර්ට් සිටී ව්‍යාපෘතියේ ඉදිකිරිමකට අදාල කැණීමක් බවටයි අනාවරනය කරගෙන ඇත්තේ.

ඊට අදාළ සාකච්ඡාවකින් පසු විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදාළ ඉදිකිරීම් ආයතනයට නියම කර ඇත්තේ වෙනත් තාක්ෂණික ක්‍රමවේදයක් උපයෝගී කරගෙන එම කටයුතු කරන ලෙසයි.

එම අවස්තාවේ මෙම කම්පනය ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයකටම දැනී ඇති බවයි ප්‍රකාශ වන්නේ.

Related posts

රුසියානු ග්‍රහණයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් 7දෙනෙකුගේ ඡායාරූපයක් නිකුත් වෙයි

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

තිරුපති යනු දන්ත ධාතුන් වහන්සේ වැඩ විසූ විහාරය බිඳ ගොඩනැංවූ කෝවිලයි. දඹදිවට එල්ලවූ ඉස්ලාම් ආක්‍රමණ නිසා බුදුසසුන අතුරුදන් විය.

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

ලංකාවේ රැකියාවට ඉන්දියානුවන් එනවාට විරුද්ධ වන්නේ ජාතිවාදීන් – විදේශ ඇමති මංගල

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

colombotoday