Colombo Today Local News

වීරත්වයට නිගරු කළ මිනිසුන්ට පාඩමක්‌ කියාදුන් රටක්‌ සුවපත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

එදා රටම තිබුණේ මර බියෙන් ඇළලීය. වෙලුපිල්ලේ ප්‍රභාකරන් නම් වූ යක්‍ෂයා කොතැනකදී බිලි පූජාවක්‌ පවත්වනු ඇතිදැයි කිසිවකුත් දැන නොසිටියේය. ඇටවූ මහා බෝම්බ පුපුරා යද්දී සියල්ලෝ පොකුරු පිටින් මියෑදෙන්නට වූහ. මරණය බොහෝ සිල්ලර වී තිබිණ.

කවුරුත් ජීවත් වූයේ ජීවිතය දොaතට ගෙනය. එහෙත් අවසානයේ එය වෙනස්‌ කෙරෙන තත්ත්වයක්‌ නිර්මාණය විය. එදා මාවිල්ආරුවෙන් ඇරඹි ඒ මහා සටන ත්‍රස්‌තවාදයට එරෙහිව දිගින් දිගටම ක්‍රියාත්මක වන්නට විය.

මව් පියන්, බිරින්දැවරුන් සහ දූදරුවන් ආදී ලෙසින් වූ සියලු සමීපතමයන්ගෙන් මඳකට ඇත්වූ අපේ රණවිරුවන් ඒ මහා සටනේ වීරයන් ලෙස පෙරට යද්දී සැනසුම් සුසුම් හෙලුවේ මරණය දැක දැක ජීවත් වූ අපේම මිනිස්‌සුය.

එහෙයින් ඔවුහු මේ වීරයන්ට ආසිරි පතා බොහෝ දේ කළහ. බෝධි පූජාවක්‌, සෙත් කවියක්‌ නොකියෑවුණු විහාරස්‌ථානයක්‌ නොවීය. රණවිරුවා කාටත් දෙවියකු විය. මේ සියලු ආශීර්වාද මැද අවසානයේ ජීවිත පරිත්‍යාගයෙන් උපන් බිමේ විමුක්‌තිය උදෙසා කැපවූ අපේ විරුවෝ අපට යළි නිදහස දිනා දුන්හ. අපව මරණයෙන් ගලවා ගත්හ.

එතැන් පටන් ඔවුන්ව වීරයෝ සේ දකින්නට සැවොම රිසි වූහ. කවුරුත් ඒ වීරයන් හැඳින්වූයේ රණවිරුවන් කියාය. එහෙත් ගෙවී ගියේ වසර කිහිපයකි. ඇතැමුන්ට ඒ අතීතය අමතක විය. එකී අමතක වීම සමඟ මේ වීරයන්ට අට පාස්‌ කොල්ලෝ යෑයි කියමින් නිගරු කරන්නට තරම් ඔවුහු අධමයෝ වූහ. සමහර දේශපාලනඥයන්ද ඒ අතර විය.

මේ අතරේ සංමුතිවාදය සමඟ කරළියට ගෙන ආ සහජීවනය සහ සංහිඳියාව හමුවේදී බොහෝ අසාධාරණයන්ට මුහුණ දෙන්නට අපේ කාලයේ වීරයන්ට සිදු විය. බලලෝභීත්වය හමුවේ කෘතවේදීත්වය වැළලී ගියේය. ඔවුහු අසරණ කෙරුණාහ.

එහෙත් අකාරුණික වූ එකී අධමකම හමුවේ සමස්‌තයට පාඩමක්‌ කියා දෙන්නට කටයුතු කළ ස්‌වභාව ධර්මයා මේ වීරයෝ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් උතුම් පිරිසක්‌ යෑයි යළි යළිත් අපට පෙන්වා දෙන්නට පියවර නොගත්තේද?

මීරියබැද්ද නාය යැමේ සිට සාමසාර කන්ද නාය යැම, පසුගිය වසරේ සිදුවූ ජල ගැලීම සහ මෙදා රටම මුහුණ දුන් අතිශය දරුණු වූ ගංවතුර සහ නායයැම් හමුවේ මුළු රටම යළි යළිත් දුටුවේ ඔවුන්ගේ මනුෂ්‍යත්වයේ තරම නොවේද?

මේ වීරයෝ නොසිටින්නට මීරියබැද්දේ සිට ඉකුත්දා ඇතිවූ මහා ජලගැලීම් සහ නාය යැම්වලින් මියගිය සැමගේ සිරුරු තවමත් පස්‌ කඳු යටය. ජල රකුසාට මැදිවූවෝ කුසට අහරක්‌, බීමට දියබිඳක්‌ නොමැතිව ජල කඳේ ගොදුරක්‌ බවට පත්ව අවසන් සුසුම් හෙලන්නාහ.

එහෙත් අපේ කාලයේ වීරයන් එයට ඉඩක්‌ නොතැබූහ. එදා මෙන්ම අදත් දිවි පරදුවට තබා මිනිසුන් වෙනුවෙන් පෙරට ආහ. එහිදී එක්‌ ගුවන් විරුවෙක්‌ මිනිස්‌කම හමුවේ ජීවිතයද පූජා කළේය. ඉතින් මිනිසුනේ ඒ උතුම් කැපකිරීම මිල කරන්නට අප කිසිවකුටත් හැකිවේද?

ඇත්තෙන්ම මේ සිදුව ඇත්තේ වීරත්වයට නිගරු කළ වුන් සැබෑ ලෙසම ෙµaල් වීමය. අසමතුන් වීමය. එහෙයින් දැන්වත් කෘතවේදීත්වයෙන් යුතුව පිදිය යුතු මේ වීරයන් පුදන්නට ජාතියක්‌ වශයෙන් අපි සිතට ගතයුතුය.

මන්ද අද මෙන් හෙටත් මතු අනාතගයේත් අප වෙනුවෙන් පෙරට එන්නේ අන් කිසිවකුත් නොව, මේ වීරුවෝමය.

සමන් ගමගේ

Related posts

මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

Admin

පේරාදෙණිය රෝහලෙත් හොර වද සැත්කම්… මුස්ලිම් දොස්තරවරිය අතුරුදන් !

colombotoday

ඔබාමා‍ගේ පණිවිඩයක් රැගෙන නීෂා බිස්වාල් හදිසියේම දිවයිනට

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

යහපාලන සමයේ පෙළපාළි වලට ගැසූ පොලිසියට ලක්ෂ 26ක් තෑගි

colombotoday