Colombo Today Local NewsExclusive :

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා කථානායක කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීම සදහා තිරය පිටුපස මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනපතිවරයා සහ වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සදහා ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටුකරගැනීමට නොහැකි වී තිබෙන පසුබිමක ඉදිරි මැතිවරණ කිසිවක් ජයගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බව දේශපාලන විශ්ලේෂකයන් ආණ්ඩුවේ පාර්ශවවලට පෙන්වා දී තිබේ. මේ තත්ත්වය යටතේ 2020 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කිසිසේත් ජයගැනීමට නොහැකි වන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ආණ්ඩුවේ නොහැකියාවේ වගකීම මුළුමනින්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මත පටවා කෙසේ හෝ ඔහුව අගමැතිධුරයෙන් නෙරපීමටත්, කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා අගමැතිධුරයට පත්කිරීමටත් යෝජනා වී ඇත. මේ සදහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මැදිහත්ව සිටින්නේ ප්‍රබල ලේකම්වරයෙක් බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය සමග එක්වී හිටපු ජනපති සොයුරු චමල් රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කිරීමේ යෝජනාවද නැවත වරක් ජනපති පාර්ශවයෙන් කරළියට පැමිණ තිබෙන බවද පැවසේ.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙළිව තිබෙන කරුණු සැලකිල්ලට ගනිමින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයද තීරණය කර තිබේ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියා සිටියේ ඉදිරි දින කිහිපය ඇතුලත ඉතා ඉක්මනින් මෙම විශ්වාස භංගය පාර්ලිමේන්තුවට හමුවට ඉදිරිපත් කරන බවයි.

Related posts

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදීම පරදන්න සූදානම්.. තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිප සහය !!

colombotoday

සහල් මාෆියාවේ මහමොළකරු වසන්ත සමරසිංහයි

Admin

ඉන්දිය මුදල් අමාත්‍යවරිය මෙරට නිල සංචාරයක

Admin

චන්දිමාල්ගේ උපන්දින සාදය පැවති හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා

colombotoday

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

colombotoday

තේරිම් කාරක සභාව ජනපතිගේ ප‍්‍රකාශය ලබා ගන්නා දිනය තීන්දු කරයි

colombotoday