Colombo Today Local News

ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ ආසියානු කේන්ද්‍රස්ථානය වෙලා – රොයිටර් ලෝකෙටම කියයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කොකේන් ජාවාරමේ ආසියානු කේන්ද්‍රය බවට පත්වෙමින් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තාවක් ගොනුකරමින් පෙන්වා දෙයි.

විශේෂයෙන් බ්‍රසීලයේ සිට ගෙන ආ සීනි තොග සමග විශාල වශයෙන් කොකේන් තොග හමුවීම එය සනාථ කිරීමේ සාක්ෂියක් ලෙසයි සැලකෙන්නේ.

පසුගිය මාස 14 ක කාලය තුළ දකුණු ඇමරිකාවේ සිට රැගෙන ආ කොකේන් හය වතාවකදී සොයා ගැනීමට මෙරට රේගු සහ ආරක්ෂක අංශ සමත් වූ අතර, පසුගිය දෙසැම්බරයේදී සොයා ගැණුනු කිලෝග්‍රෑම් 928 ක ආසියාවේ විශාලතම කොකේන් තොගය ද ඊට ඇතුළත්.

පසුගිය කාලය තුළ ඩොලර් මිලියන 140 ක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 1770 ක් මෙරට දී අත්අඩංගුවට ගැණුනු අතර, ඉන් කිලෝග්‍රෑම් 840 ක් හමුවූයේ බ්‍රසීලයෙන් ආනයනය කළ සීනි සමගයි. නෞකා මාර්ගයෙන් රැගෙන එන කොකේන් තොග මුහුදේ සිට කුඩා බෝට්ටු මගින් ගොඩබිමට රැගෙන එනු ලබනවා.

එමෙන්ම, එම කොකේන් නැවතත් කුඩා බෝට්ටු මගින් නෞකා වෙත රැගෙන යන අතර, ඒ සදහා ධීවර බෝට්ටු යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව රේගු ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සහ අපරාධ වැලැක්වීමේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙරට වැඩසටහන් සම්බන්ධීකාරකවරයා කියා සිටියේ මෙම කොකේන් තොග මෙරට පරිහරණය සදහා රැගෙන එන ඒවා නොවන බවයි. ශ්‍රී ලංකාව ඒ සදහා හුවාමරු පොලක් පමණක් බවත් ඔහු අවධාරණය කළා.

රොයිටර් වාර්තාව

Related posts

බැදුම්කර කොමිසමේ සාමාජිකයෙක්, බාල බීම විකුණා අසුවූ සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දැරූ අයෙක් !

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට… හත්වැනිදා විවාදයට….

colombotoday

ජනතා විරෝධය මැද හෙළි පෙහෙළි කල රඹකැන්ඔයේ පිරිසිදු ජල උල්පත් අතුරුදන්

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

colombotoday

වරෙන්තුකරුවකුගේ පිහි පහරින් පොලීසියේ දෙකක් රෝහලේ…

Admin