Colombo Today Local News

වෛද්‍යවරු රජයට සතියක් කල් දෙයි !!

සයිටම් ආයතනයට එරෙහි තම ඉල්ලීම් සතියක්‌ ඇතුළත ආණ්‌ඩුව විසින් ඉටු නොකළොත් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ මෙන්ම බරපතළ වෛද්‍ය වර්ජනයක්‌ සිදුකරන බවට ඊයේ (2 වැනිදා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක්‌ කළේය. සෙසු වෘත්තීය සමිති සමගද ඒකාබද්ධ වී මෙම වැඩවර්ජනය සිදු කරන බවද එම සංගමය ප්‍රකාශ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් 112 ක නියෝaජිතයෝ ඊයේ (02 දා) කොළඹට රැස්‌වී ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වෛද්‍යවරුන් පිරිසක්‌ බිහි කරන පළමු සහ එකම රට බවට ශ්‍රී ලංකාව පත් නොකරන ලෙසට තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය නවින් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට කිසිවකු කැමැති නොවන බව කී වෛද්‍ය සොයිසා මහතා රටක වෛද්‍ය සභාවක්‌ පිළිනොගත් ආයතනයක්‌ මගින් වෛද්‍යවරුන් පත්කිරීමට උසාවියක්‌ විසින් කිසිදු තීන්දුවක්‌ ලබා නොදෙනු ඇතැයි තම සංගමය තරයේ විශ්වාස කරන බවද කීය.

සයිටම් සම්බන්ධව අධිකරණමය ක්‍රියාවලියේදී සෞඛ්‍ය ඇමැතිවරයා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන නැතැයි චෝදනා කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවතින තත්ත්වය හා ඒ තුළින් රෝගී ජීවිතවල සුරක්‍ෂිත බව සඳහා මතුව ඇති තර්ජනය ගැන කියලු පාර්ශ්ව දැනුවත් කරන බවද කීය.

මෙහි නීතිමය පසුබිම පිළිබඳවද විශේෂඥ අධ්‍යයනයකින් පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද රෝගී අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ගත යුqතු සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් වෙත දැනුම් දෙන බවද හෙතෙම කීවේය.

ආණ්‌ඩුවට සතියක කාලයක්‌ ලබා දෙන බවද ඒ කාලය තුළ නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් දීපව්‍යාප්ත අඛණ්‌ඩ බරපතල වැඩවර්ජනයකට යොමුවන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

Divaina

 

Related posts

කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු ජාතියේ විරුවන් 19ක් තවමත් බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී ලයිස්තුවේ !

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ – හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

ගෝඨා, බැසිල් ඇමරිකන් CIA කාරයෝ – චම්පික රණවකගෙන් චෝදනා

colombotoday

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිවුවා.. පනත වැරදියි.. පොලීසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා-මහින්දානන්ද

colombotoday