හෙට 20 දින සිට ජාතික සෞඛ්‍ය රූපවාහිනි නාලිකාවක් කොළඹදී එළිදැක්වීමට නියමිතය.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම හා සෞඛ්‍යමත් සමාජයක් බිහිකර ගැනීම අරමුණු කරගනිමින් මෙම නාළිකාව ක්‍රියාත්මක වීමට නියමිතය.
බෝ නොවන රෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධ පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය හා ක්‍රීඩාව ආදී සෞඛ්‍ය ආදි වැඩසටහන් එමගින් ක්‍රියාත්ක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදී නව රූපවාහිනී නාලිකාව එළිදැක්වීමට නියමිතය.