Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

ඉකුත් දා මහරගම සහ විජේරාම ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළේ යැයි සැකපිට මහරගම ප්‍රදේශයේ පදිංචි කසුන් කුමාර නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරයට ලක්වූ විජේරාම ප්‍රදේශයේ වෙළදසැලක සීසීටීවී කැමරා ප්‍රතිරූපනවල සටහන්ව තිබූ දර්ශන අනුව මෙම පුද්ගලයා පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, තමන් මෙම ප්‍රහාරය එල්ල කලේ කිසිවෙකුගේ මෙහෙයවීමකින් තොරව, සිය කැමැත්තෙන් බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය සමයේ ජාතික සංවිධාන විසින් පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම් කිහිපයකටද මෙම පුද්ගලයා සහභාගී වී ඇති බව හෙළිවී ඇතත්, එම ජාතික සංවිධාන නියෝජිතයන්, භික්ෂූන් වහන්සේලා සමග ඔහු කිසිදු සම්බන්ධකමක් පවත්වා නොමැති බවද දුරකථන සාක්ෂි විමර්ශණය කිරීමෙන් පසුව තහවුරු වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර, මුස්ලිම් වෙළදසැල්වලට ප්‍රහාර එල්ල කලේ බොදු බල සේනා සංවිධානයේ මෙහෙයවීමෙන් යැයි මෙම පුද්ගලයා ලවා ප්‍රකාශ කරවා ගැනීමට මුස්ලිම් දේශපාලකයන් දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

‘මැන්ඩවුස්’ සුළි කුණාටුව නිවාස 5640ක් හානි කරයි – තුනක් බිලි ගනී

Admin

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිට ලාංකිකයෝ විරෝධතාවයක්

colombotoday

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවීමට තීරණයක්….

Admin

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

colombotoday