Colombo Today Local News

ජනපතිගේ දේශපාලන ආගමනයට දින 100000 යි.. උත්සවයට සෙනග නෑ.. ප්‍රචාරක වියදම් වතුරේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට දින දස දහසක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති කාර්යාලය විසින් දිවයින පුරා උත්සව සහ පිංකම් මාළාවක් සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන වැඩසටහන ඊයේ කැළණිය රාජ මහා විහාරයේදී පැවැත්විණි.

එම අවස්ථාවට වැඩි පිරිසක් සහභාගී කරවා ගැනීම සදහා සංවිධායකයන් විසින් විශාල මුදලක් වැයකර පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කළද ජනපති පවුලේ අය, මැති ඇමතිවරු, ඔවුන්ගේ සමීප හිතවතුන් සහ ආරක්ෂක නිළධාරීනුත් ඇතුළුව සියයක පමණ පිරිසක්වත් සහභාගී කරවා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනපති කාර්යාලය දෙසින් අසන්නට ලැබේ.

ජනපති දේශපාලනාවතරණ සංවත්සරය මහ ඉහළින් සැමරීම සදහා රට පුරා ප්‍රධාන ආගමික මධ්‍යස්ථානලදී පිංකම්, උත්සව මාළාවක් සංවිධානය කිරීමට ජනපති කාර්යාල නිලධාරීන් සැළසුම් කර ඇති අතර ඒ සදහා රුපියල් කෝටි තිහක වියදම් ඇස්මේන්තුවක් ජනපතිවරයාට ඉදිරිපත් කර ඇත. එය දැකීමෙන් උරණ වී ඇති ජනපතිවරයා එම නිලධාරීන්ට බැණ වැදී ඇති අතර එම මුදල් ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සදහා වෙන් කරන ලෙස දන්වා ඇති බවද දැනගැන්මට ලැබේ.

13641022_10154247938546327_8831986173306420943_o

Related posts

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක් පත් කරයි

colombotoday

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

තරුණියන්ට අතවර කළ මාතලේ ලෙබ්බේ අතේ මාට්ටු වුණ හැටි (වීඩියෝ සහිතයි)

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

Admin