World

තරුණ‍යෙකු ඝාතනය කර ප්‍රංශය ඇවිළු පොලිස් නිලධාරියා අත්අඩංගුවට..

ප්‍රංශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශයේ නගර රැසක විරෝධතා පවතින අතරතුරයි.

විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ප්‍රංශයේ නගර රැසක රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගත්තේ ය.

පසුගිය දිනවල ඇතිවූ මෙම විරෝධතා අතර තුර මෝටර් රථ සහ ගොඩනැගිලි කිහිපයකටද හානි වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 180 කි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන් ය.

ප්‍රංශ පොලිසිය 17 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

17 හැවිරිදි අදාළ තරුණයා පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ බව කියමින් පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

Related posts

සුළි කුණාටුවකට හසුවී ඉන්දියාවේ විශාල පාරුවක් මුහුදේ ගිලෙයි – 90ක් අතුරුදන්

colombotoday

ඉන්දියාව Tik Tok තහනම් කරයි.. චීනයට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පාඩුවක්

colombotoday

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

colombotoday

අමෙරිකානු රූ රැජිනක් දිවි නසාගනී

colombotoday

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin